රේගු නිලධාරීන්ගේ ක්රියාකලාපයෙන් බැටකන බහාලුම්රථ හිමිකරුවෝ
November 13, 2024 07:43 am
රේගු නිලධාරීන්ගේ අත්තනෝමතික ක්රියාමාර්ග හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව බහාලුම්රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, මේ වරාය අවට මාර්ගවල දැඩිරථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවය.
"ඔරුගොඩවත්ත, තොටලග සහ ග්රෑන්ඩ්පාස් යන ප්රදේශවල මාර්ගයේ තිබෙන අනාරක්ෂිත බව නිසා මෙම බහාලුම් වරාය පරිශ්රයේ රඳවාගෙන තමා පිට කරේ, බහාලුම් නිෂ්කාශනවල ඉඩපහසුකම් ලැබෙන පරිදි. නමුත් ඇමතිතුමාගේ පරීක්ෂාවෙන් පසුව, මොවුන් එක හෙළාම තීරණය කරලා තියෙනවා සියලුම බහාලුම් ප්රවාහන රථ වරායෙන් පිටතට එවලා මාර්ග තදබදයක් ඇති කරලා තියෙනවා විශේෂයෙන්ම ඔරුගොඩවත්ත, ග්රෑන්ඩ්පාස් කියන ස්ථානවල. විශේෂයෙන්ම පටවාගත් බහාලුම් ප්රවාහන රථවල තිබෙන බහාලුම්වල අනාරක්ෂිතභාවය සහ රියදුරන්ට ජීවිත තර්ජන එල්ල වෙලා තියෙනවා. පොලිස්පතිට සහ රේගු අධ්යක්ෂවරයාට දැනුවත් කරලා තිබුණා. ඒ අනුව තමා වරාය පරිශ්රයේ මේවා නතර කරගෙන ක්රමවේදයක් ඔස්සේ එව්වේ."
තමන් පත්ව ඇති දුෂ්කරතාවය පිළිබඳ බාහාලුම්රථ රියදුරන් මෙලෙස අදහස් පළ කළේය.
"දැන් නම් දවස් තුනකටවත් අපිට යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. පළිගැනීමක් හැටියට තමා මේක. මේ අයගේ ඇත්ත කිව්වා කියලනේ මෙහෙම කරන්නේ. අසාධාරණයි. අපිට කන්න නෑ...බොන්න නෑ...අපි අසරණ මිනිස්සු.
පාරට දාපු එක හරිම ප්රශ්නයක්. කුඩුකාරයෝ පිරිලා.
ඊයේ මගේ පර්ස් එකට වෙච්ච දෙයක් නෑ. එක තප්පරයක් ඇති නින්ද ගියාම ඔක්කෝම ඉවරයි. "
කෙසේ වෙතත් රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව මහතා සඳහන් කළේ, රේගු ආඥා පනතේ විධිවිධානවලට අනුව කටයුතු කරන ලෙස සිය සාමාජිකයින් දැනුවත් කර ඇති බවය.