
ආර්ථික වර්ධනය පහත වැටීම සහ විරැකියාව ඉහළයමින් පවතින පසුබිමක චීන තරුණ තරුණියන් පිරිසක් ආරම්භ කළ සංකේතාත්මක විරෝධතාවක් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබුණි.
ලාබදායී ආහාර සොයමු යන අරුතින් යුතුව "ඩම්ප්ලින්ග් ආහාර සොයා යමු" නමින් චීන තරුණ තරුණියන් පිරිසක් පාපැදිවල නැගී මෙම විරෝධතාව ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් මං තීරු 6කින් යුතු අධිවේගී මාර්ගයේ එක් දිශාවක් සම්පූර්ණයෙන්ම අවහිර වූ අතර තරුණ පිරිස් විසුරුවාහැරීමට පොලීසියට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ බව වාර්තා වෙයි.



















































