මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.5ක් 

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.5ක් 

November 12, 2024   09:09 pm

ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් ලෙස සටහන්වී තිබේ.

එය ගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 81%ක වර්ධනයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා ඇතිවූ බලපෑම මත මෙම වර්ධනය සිදුවී ඇති බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි.