සයුරෙන් එතෙර
වායු දූෂණය නිසා පාකිස්තානයේ සෞඛ්‍ය අවදානමක්
November 12, 2024 05:15 pm
දැඩි වායු දූෂණය හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති පාකිස්තානයේ පන්ජාබ් පළාත තුළ බොහෝ එළිමහන් ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.
මේ හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක ශ්වසන රෝග, ඇස් සහ උගුරේ ආසාදන රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
බලධාරීන් නියෝග කර ඇත්තේ අධ්‍යාපන ආයතන, උද්‍යාන, වෙළෙඳසැල් සහ වෙළෙඳ සංකීර්ණ ආදිය ද වසා දමන ලෙසටය.
නොවැම්බර් 17 දක්වා අධ්‍යාපන ආයතන සහ උද්‍යාන ඇතුළු පොදු ස්ථාන ද වසාදමා තිබේ.
ශ්‍රේණිගත කිරීම්වලට අනුව වාතයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ වඩාත්ම දූෂිත නගරය ලාහෝරය බව පැවසෙයි.