මේක L බෝඩ් ආණ්ඩුවක් - රනිල්
November 11, 2024 09:39 pm
පළපුරුද්ද නොමැති ආණ්ඩුවක් සමඟ පළපුරුද්ද නොමැති පාර්ලිමේන්තුවක් බිහිවුවහොත් එය රට විනාශයට ඇද දමනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මරදානේ අද (11) පැවති ජන හමුව අමතමිනි.
"මේක පළපුරුද්ද නැති ආණ්ඩුවක්. L බෝඩ් ආණ්ඩුවක් දැන් තියෙන්නේ. L බෝඩ් ආණ්ඩුවයි L බෝඩ් පාර්ලිමේන්තුවයි තිබුණොත් හරිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ. රට විනාශ වෙනවා...."