අපිට අවශ්‍යයි මේ රට ධනාත්මක තත්ත්වයකට ගේන්න - දිලිත්
November 11, 2024 08:31 pm
රට හමුවේ ඇති ණය අර්බුදය විසඳීමට ඇති ප්‍රායෝගික වැඩපිළිවෙළ තමා සතු බවත් ඒ හරහා ණය ගෙවීමට ජනාධිපතිවරයාට සහාය දීමට තමා සූදානම් බවත් සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (11) පස්වරුවේ මහරගම ජන රැලිය අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,
"අපිට අවශ්‍යයි මේ රට ධනාත්මක තත්ත්වයකට ගේන්න. ඒ නිසා තමයි සර්වජන බලය ඔබ ඉදිරියට එන්නේ. අපි දියුණු වෙන මිනිස්සුන්ගේ දේශපාලන බලවේගය. ඉතිං ඒ නිසා අපිට ඕනේ මේ ජාතිය අභිප්‍රේරණය කරගන්නට, නැගිට්ටවන්නට, නැගිටින ගමනක් යන්නට මිසක් මේ ජනතාවට ඔළුවට මනස්ගාත පුරවලා, අපිට බෑ කියලා, හැමදාම මේ ගෙවල් ගිනි තියලා මේ මිනිස්සුන්ගේ මනසට වෛරය, ක්‍රෝධය, කුහකකම... මේක ඔළුවට දාන දේශපාලනයක් නෙමෙයි.
අපි මේ රටේ දූෂණය තුරන් කරන ගමන්, හොරු අල්ලන ගමන්ම අපිට අවශ්‍යයි මේ රට දියුණු කරන්නට. ඒ නිසා තමයි මේක දියුණු වෙන පක්ෂයක් මිසක් සමාජ මාධ්‍ය වල නිවන් සුව පතන කණ්ඩායම වගේ නෙමෙයි. ඔය ඡන්ද දුන්න ආදරණීය ජනතාව ගියේ මේ සභ්‍යත්වය විශ්වාස කරපු කඳවුරේ ඉඳලා එතනට, අපේ ජාතිකත්වය විශ්වාස කරලායි ගියේ, තරහටයි ගියේ. දැන් 14 වැනිදා එන්න මේ පැත්තට. අපි යන ගමනේ කොටස්කරුවෙක් වෙන්න. ඒත් අපි අනුර කුමාර ජනාධිපතිවරාගේ කකුලෙන් අදින්නේ නෑ කියලා දිගටම කියනවා.
ඉතිං ඒක නිසා අපිට පුළුවන් අපේ එඩිතර විපක්ෂය හැටියට අපේ උපායමාර්ගික වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තුළ අපිට පුළුවන් ඔහු අර නොදැන දීපු පොරොන්දු ඇත්තටම ඉෂ්ඨ කරන්න ඕනේ නම් අපි යෝජනා කරන මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න ඕනේ නම් ඔහු දැන් දැනටමත් හිරවෙලා ඉන්න ණය අර්බුදයෙන් ගොඩ එන්නට පුළුවන් නම් ඒකට ඔහුට මුහුණ දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් අපිට පාර්ලිමේන්තුවේදි කියලා දෙන්න පුළුවන්. අපි අවංකව කියලා දෙන්නම්. එතුමාට තේරෙන්නේ නෑ අපි 2029දි බිලියන 150ක් හොයාගන්න ඕනේ කියලා. එහෙනම් ඒක කරන්න නම් මේ රට ව්‍යවසායකත්වයෙන් පුරවන්නේ නැතිව, අපේ අපනයන වැඩි කරගන්නේ නැතිව අපේ නිෂ්පාදන වැඩි කරගන්නේ නැතිව, අපි උපායමාර්ගිකව අපේ ධනය කළමනාකරණය කරගන්නේ නැතිව, අපි අපනයනය කරන මුදල් පිටරට හිරවෙලා තියෙනවා නම් ඒවා ගේන්නේ නැතිව නැවතත් කියනවා මේ රට බේරා ගැනීමට නම් මේ රටට ආදරය මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ මොහොතක්... ඒ අපි එඩිතර විපක්ෂය හැටියට."