බලපෑමකින් තොරව නීතිය සැමට සමානව ක්රියාත්මක බව වැඩබලන පොලිස්පති කියයි
November 10, 2024 09:36 am
දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය ක්රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පවසයි.
ඔහු පැවසුවේ වත්මන් රජය විසින් සියලු දෙනාට නීතිය එකලෙස ක්රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවය.
යාපනය, චුන්නාකම් පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා මේ බව පැවසීය.
"දැන් පවතින රජය සැමට නීතිය සමානව සලකන්න කියලා සහ සැමට නීතිය සමානව ක්රියාත්මක කරන්න කියලා මට දැනුම්දීලා තියෙනවා, මගෙන් සියලුම නිලධාරීන්ට දැනුම්දීලා තියෙනවා. මැතිවරණයෙන් පසුව සිදුවන අප්රසන්නතම කාලය තමයි පශ්චාත් මැතිවරණ සමය. අපි ඒකට කිව්වේ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ කාලය කියලා. හැබැයි පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ එහෙම කිසිම සිදුවීමක් වුණේ නැහැ. අලුත් සංස්කෘතියක් ශ්රී ලංකාවේ බිහිවුණා. මේකට මම හිතන්නේ ප්රජාවත් ඒ වගේම පත්වෙච්ච රජයත්, අපිට දීපු උපදෙසුත්... ඒ වගේම නීතිය ක්රියාත්මක කරන්න සමස්ත පොලීසියට ලැබුණු බලයත් නිසියාකාරයෙන් ක්රියාත්මක කරන්න හම්බෙලා තියෙනවා.
නීතිය ක්රියාත්මක කරන්න බැරිනම් ඒක අපේ දුර්වලතාවයක්. ඒ නීතිය ක්රියාත්මක කරන ආයතනයේ දුර්වලතාවයක්, ඒ ප්රධානීන්ගේ දුර්වලතාවයක්. ඒ නිසා නීතිය ක්රියාත්මක කරන්නට කිසිදු බලපෑමකින් තොරව අපිට හොඳ පරිසරයක් ලැබිලා තියෙනවා."