පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවාත කරයි

පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවාත කරයි

November 9, 2024   11:42 am

මේ වනවිට පවතින අධික වර්ෂාවත් සමග මහනුවර පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්යයභාර ඉංජිනේරුවරයා පැවසුවේ ජලාශයේ වාන් දොරටු දෙකක් මීටරය බැගින් විවෘත කළ බවය.

එක් වාන් දොරටුවකින් තත්පරයට ජලය ඝණ මීටර් 140ක් පමණ වික්ටෝරියා ජලාශයට මුදාහැරෙන බවද ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.