අපිව සල්ලිවලට ගන්න කාටවත් බැහැ - දිලිත්

අපිව සල්ලිවලට ගන්න කාටවත් බැහැ - දිලිත්

November 8, 2024   08:57 pm

වරප්‍රසාදවලින් තොර දේශපාලනය මීළඟ පාර්ලිමේන්තුවේදි තමා ගෙන එන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරහා මෙරට යළි ස්ථාපිත කිරීමට සූදානම් බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මාතලේ පැවති සර්ව ජන බලයේ ජනහමුවේදි ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"අපි මේ යන ගමන ගැන නිවැරදිව තේරුම්ගන්න. අපි යන්නේ ඔබගේ ජීවිතය වෙනස් කරන්නට පුළුවන් දේශපාලනයක් සඳහා බව ඔබ තහවුරු කරගෙන අපිත් එක්ක එන්න අත්වැල් බැඳගන්න. මෙතෙක් ඔබ පෝලිමේ ඉඳගෙන කතිරයක් ගහලා ඔබේ ජීවිතය වෙනසක් වුණේ නැහැ. මෙවර ඔබේ කතිරය අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය වෙනසක් ඇති කරන බව අපි සහතික කරලා කියනවා. අපිව සල්ලිවලට ගන්න කාටවත් බැහැ. අපි වරප්‍රසාද දේශපාලනය නෙවෙයි අපි මෙවර යෝජනා කරන්න ඉන්නේ පඩි දෙන්නම ඕනේ නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. වාහන ඕනෙත් නෑ, කිසිම වරප්‍රසාදයක් ඕනේ නෑ. ඇයි ජනතා සේවය කරනවානම් අපිට පුළුවන් වෙන්නට ඕනේ කැපවීමක් කරන්න. ඉතිං අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ටත් පුළුවන් දැන් දෙස් දෙවොල් තිය තිය ඉන්නේ නැතිව මම ගෙන එන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට දිලුම් අමුණුගම මැතිතුමා මට සහයෝගය දෙනකොට අපිට ඒ යෝජනාවෙන් අපි කියනවා මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ වැටුප් අවශ්‍ය නෑ. අපි පටන් ගමු ඒ දේශපාලනය වරප්‍රාසාද වලිත් තොර දේශපාලනයක්."