දූෂිත දේශපාලනය අවසන් කළ යුතුයි - දිලිත්

දූෂිත දේශපාලනය අවසන් කළ යුතුයි - දිලිත්

November 8, 2024   10:03 am

යල්පැනගිය සහ දූෂිත දේශපාලනය අවසන් කළ යුතුව ඇති බව සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මහනුවර ඊයේ (07) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම තුළින් රට නිවැරදි මාර්ගයේ ගමන් කරවීමට හැකියාව පවතින බවය. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"තමන්ගේ ආදායම තුනෙන් එකට අඩුවෙලා. වියදම තුන්ගුණයකින්, හතර ගුණයකින් වැඩිවෙලා. තමන්ගේ කුටුම්බය පවත්වාගෙන යන්නට බෑ. ඔබට තව අවුරුදු පහක් දුක්විඳින්න පුළුවන්ද? මේ විදිහට. ඒ නිසා අපි එඩිතර විපක්ෂය හැටියට අනුර කුමාරට දෙනවා සර්වජන බලයේ උපායමාර්ගික වැඩපිළිවෙළ. කිසිම කුහකභාවයකින් තොරව." 

"අපි ඔක්කොම එකතුවෙන්න ඕන එක දේකට. යල්පැනගිය සහ දූෂිත චක්‍රයට හසුවූ දේශපාලනය අවසන් කළ යුතුයි. මේ රට ඉල්ලා සිටින්නේ අවංකත්වයේ දේශපාලනය. ඒ නිසයි එඩිතර විපක්ෂය පාර්ලිමේන්තුව ඇතුළට යන්න ඕන. අපට ඕන අපි හැමදාම අහපු දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාව. මේක අඟලක් හරි ඉස්සරහට ගෙනියන්න."