මනුෂ්‍ය ඝාතන දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
November 2, 2024 05:51 pm
පසුගිය කාලසීමවන් තුළදි සිදුවූ මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
පසුගිය සැප්තැම්බර් 15 දින දෙහිවල ප්‍රදේශයේදී සිදුවූ මනුශ්‍ය ඝාතනයට සහ සැප්තැම්බර් 18 වැනි දින කොහුවල ප්‍රදේශයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මෙම ඝාතන දෙක සඳහා යතුරුපැදියෙන් පැමිණ තිබුණි.
පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී එක් සැකකරුවෙකු පසුගිය 25 වැනි දින මත්තේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුවූ මහතා අද (02) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් පැවසුවේ 31 හැවිරිදි සැකකරු මෙම ඝාතනය සඳහා යතුරුපැදිය පදවාගෙන පැමිණි අය බවය.
මොවුන් මෙම ඝාතන දෙක සිදු කිරීමෙන් පසු යතුරුපැදිය වැල්ලවත්ත ප්‍රදේශයේදී අතහැර ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබුණි.
සිද්ධීන් සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු ඊයේ (01) දින වැලිකඩ බන්ධනාගාරය අසලදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී ඝාතනයට යොදා ගත් ගිනි අවියද පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම සැකකරු ඉදිරි දින කිහිපයේදී තවත් අපරාධයක් කිරීමට සැලසුම් කර ඇති බවත් පොලීසිය විසින් අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධවද පොලීසිය විමර්ශන අරඹා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොලඹගේආර උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.