මියන්මාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් බේරාගැනීමට තවත් පියවරක්

මියන්මාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් බේරාගැනීමට තවත් පියවරක්

November 2, 2024   05:43 pm

මියන්මාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් බේරාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡවේදී සයිබර් වංචාවලට එරෙහිව සටන් කිරීම සඳහා සයිබර් ආරක්ෂණ පියවර වැඩි දියුණු කිරීම ඇතුළු කරුණු කිහිපයක්  පිළිබඳව අවධානය යොමුවූ බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටීන් බී. පාර්කෝ (Kristin B. Parco) මහත්මිය අතර හමුවක් ඊයේ (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණි.