
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින් පින් රුසියාවේදී ද්විපාර්ශ්වික හමුවකට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාවේ කසාන් නගරයේ පැවැත්වෙන BRICS සමුළුවට සමගාමීව අගමැති මෝදි සහ ෂී ජින්පින් හමුවී තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඉන්දියාව-චීන සබඳතාවයේ වර්ධනයක් මෙම හමුව මගින් සිදුවිය හැකි බවය.
එමෙන්ම මෙම හමුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ ඔහුව හමුවීම ඉතා සතුටට කරුණක් බවය.
















































