පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල ඉදිරිපත් කළ වාර්තාව පිළිගන්නේ නෑ - ශ්‍රී ලංකා කතෝලික සභාව 

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල ඉදිරිපත් කළ වාර්තාව පිළිගන්නේ නෑ - ශ්‍රී ලංකා කතෝලික සභාව 

October 22, 2024   12:34 pm

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ. එම්. ජේ ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසති.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තාවක අඩංගු කරුණු ප්‍රසිද්ධ කිරීමට ඊයේ (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ හෙළිදරව්වකට ප්‍රතිචාර දක්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් ඒ බව පැවසීය.

බොරැල්ල, අගරදගුරු මැදුරේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමා ඒ බව සඳහන් කළහ.

"ඝාතන විමර්ශනයේ සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස් මහතාගේ සොහොයුරිය වන ඒ. එම්. ජේ ද අල්විස් මහත්මියව මෙම කමිටුවේ ප්‍රධානිය ලෙස පත්කරමින් ළබැඳියාවන් අතර ගැටුමක් නිතැනින්ම මතුවන බව පැහැදිලි කරුණක්. එම නිසා එවැන්නෙකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත්කළ වාර්තාවක් අපක්ෂපාති සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට අපට කොහෙත්ම හැකියාවක් නැහැ. එම නිසා අපි මෙම වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමු."