
2024 ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ඩෙරොන් අසේමොග්ලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ රොබින්සන් යන තිදෙනා සමත්වූහ.
ඔවුන්ගේ නම් මීට සුළු මොහොතකට පෙර රාජකීය ස්වීඩිශ් ඇකඩමිය විසින් නිවේදනය කළේය.
මෙය මෙම වසරේ ප්‍රදානය කරනු ලබන අවසන් නොබෙල් ත්‍යාගය වෙයි.
ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමීම 1968දී ආරම්භකර තිබේ.
මේ වසරේ මේ දක්වා වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, සාහිත්‍ය සහ සාමය සඳහා වූ නොබෙල් ත්‍යාග පිරිනමා තිබේ.
1969 දී පළමු ආර්ථික විද්‍යාව පිළිබඳ ත්‍යාගය Ragnar Frisch සහ Jan Tinbergen වෙනුවෙන් ලබාදී තිබුණි.
මේ දක්වා ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 55 වතාවක් ප්‍රදානය කර ඇති අතර එහිදී 90 දෙනෙක් එය හිමිකර ගෙන ඇති අතර ඉන් තිදෙනෙක් කාන්තාවන් ය.



















































