
ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මෙහෙමඩ් පාසික් අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (11) ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ශිරාන් බාසික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 03ක මුදලක් යොදාගෙන ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් ඔහුගේ පියාගේ නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.




















































