පාසල් විද්‍යාගාරයක සිදුවූ අනතුරකින් සිසුවියන් 7ක් රෝහලේ
October 9, 2024 09:33 pm
පානදුර ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ සිදුකළ පරීක්ෂණයකදී පිළිස්සුම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් 07 දෙනෙකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 12 සහ 13 හැවිරිදි සිසුවියන් බව වාර්තා වෙයි.
සිසුවියන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන නමුත් ඔවුන්ගේ මුහුණ, හිස සහ අත්වල පිළිස්සීම් තුවාල සිදුවී ඇති බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.