
අළුත්ගම පොලිස් වසමේ හෙට්ටිමුල්ල දුම්රිය ස්ථානය හා අළුත්ගම දුම්රිය ස්ථානය අතර දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
දුම්රිය මාර්ගයේ දී මරදාන සිට හික්කඩුව බලා ධාවනය වූ දුම්රිය එම පුද්ගලයා ගැටී ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 46ක පමණ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය නාගොඩ රෝහලේ ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අළුත්ගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.





















































