සයුරෙන් එතෙර
කලාපීය අර්බුද ගැන අමෙරිකාව සහ ඉන්දියාව අවධානයෙන්
October 2, 2024 04:04 pm
අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් අතර හමුවක් සිදුවී තිබේ.
ඒ අමෙරිකාවේ වොෂිංටන් ඩී සී හිදී ය.
කලාපීය අර්බුද සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර සාකච්ඡා සිදුවී ඇත.
කලාපීය හා ගෝලීය අභියෝගවලට මුහුණ දීමට එක්වී කටයුතු කරන බවට ද ඔවුන් එහිදී ප්‍රතිඥා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.