
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක චීනයේ නවතම සබ්මැරීනයක් මුහුදුබත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සබ්මැරීනය චීනයේ වූහාන් අසල නැව් තටාකාංගණයේදී ගිලීගොස් ඇති බවද වාර්තා වෙයි.
අමෙරිකානු ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ මේ සම්බන්ධ තොරතුරු චීනය විසින් වසන් කර ඇති බවය.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙලෙස ගිලී ගොස් ඇත්තේ චීනය විසින් නිෂ්පාදනය කරමින් සිටි සබ්මැරීනයක් බවය.





















































