
ඉන්දියාවේ මුස්ලිම්වරුන්ගේ දුක්ඛිත තත්ත්වය ගැන නොසැලකිලිමත්ව සිටින පුද්ගලයින් මුස්ලිම්වරුන් ලෙස සැලකිය නොහැකි බවට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මෑතකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.
ඉන්දියාව පවසන්නේ එම අදහස් වැරදි තොරතුරු මත සිදුකර ඇති ප්‍රකාශයක් බවත් එබැවින් අලි කමේනිගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවය.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
ඉන්දියාව පවසන්නේ සිය රට තුළ සුළු ජාතීන් පිළිබඳ අදහස් දැක්වීමට පෙර ඒ පිළිබඳව නිවැරදි තොරතුරු පරීක්ෂා කරන ලෙසය.



















































