මිලාද් නබි උත්සවය...
September 16, 2024 03:47 pm
ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (16) යෙදී තිබේ.
ඉස්ලාම් දහම ලොවට දේශනා කළ ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් විසින් අද දිනය උත්සවාකාරයෙන් සමරයි.
මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද මහත් උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව සමරනු ලබයි.
ඒ අනුව ශ්‍රී ලාංකීය ඉස්ලාම් බැතිමතුන් විසින් මිලාද් නබි දිනය හැටන් ජුම්මා පල්ලියේදී අද (16) දින ගුණ ගායනාවන් ඔස්සේ සිදු කළ ආකාරය ඉහත රූපයෙන් දැකගත හැකිය.
