යුක්‍රේනයට ගිය මෝදි සහ පුටින් අතර දුරකථන සංවාදයක්
සයුරෙන් එතෙර

යුක්‍රේනයට ගිය මෝදි සහ පුටින් අතර දුරකථන සංවාදයක්

August 28, 2024   04:26 pm

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාකච්ඡා අතරතුර රුසියා - යුක්‍රේන යුද්ධය විසඳීම සඳහා රුසියාවේ ප්‍රවේශයන් පිළිබඳව පුටින් ඉස්මතු කර ඇති බව පැවසෙයි.

එහිදී ඉන්දීය අගමැති මෝදි සිය යුක්‍රේන සංචාරය පිළිබඳව රුසියානු ජනපතිවරයාව දැනුවත් කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහිදී, දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් යුක්‍රේන යුද්ධය සමථයකට පත් කිරීමට තම කැපවීම මෝදි අවධාරණය කර තිබේ.