සයුරෙන් එතෙර
මෝදි යුක්‍රේනයේ නිල සංචාරයක
August 23, 2024 09:57 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා යුක්‍රේනයට පැමිණ තිබේ.
ඒ නිල සංචාරයක් සඳහා යුක්‍රේනයට පැමිණි පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙමිනි.
පෝලන්තයේ නිල සංචාරය අවසන් කරමින් මෙලෙස යුක්‍රේනයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
රුසියානු යුක්‍රේන යුද ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මීට සති 06කට පෙර රුසියාවේ ද සංචාරයක නිරත වුණි.