පාකිස්තාන පාර්ලිමේන්තුව මී රජ දහනක් වෙයි
August 21, 2024 05:03 pm
පාකිස්තාන පාර්ලිමේන්තුව තුළ මීයන් බෝවී එහි දෛනික කටයුතුවලට බාධා එල්ලවීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම පුවත ගැන වැඩි අවධානයක් යොමුවී ඇත්තේ මීයන් බෝවීම පාලනයට රජය පාකිස්තාන රුපියල් මිලියන 1.2ක දැවැන්ත මුදලක් වෙන්කිරීමත් සමගිනි.
වසර කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුව පුරා මෙලෙස මීයන් බෝවී සිටින බවත්, උන් සාමාන්‍ය මීයන්ට වඩා විශාල වීම නිසා පාලනය අසීරුවී ඇති බවත් සඳහන් වෙයි.
මෙම මීයන් එහි අතිශය වැදගත් ලිපිලේඛන රැසක් විනාශ කර ඇති බවත් විදෙස් මාධය වාර්තා කරයි.