
සවුදි අරාබියේ, ජෙඩා නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම අනෙකුත් ප්‍රේක්ෂකයින් සඳහා අපූරු ශ්‍රී ලාංකීය ප්‍රසංගයක් අද (16) සවස පැවැත්වීමට නියමිතය.
සංගීතයෙන්, නැටුමින් සහ විවිධ සංස්කෘතික වැඩසටහන්වලින් විචිත්‍රවත් කර ඇති එම ප්‍රසංගයට එක්ව සජීවි අත්දැකීමක් විඳගැනීමට එක්වන ලෙස එහි සංවිධායක මණ්ඩලය සියලු ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.
පසුගිය ජුනි 28 වනදා සිට ප්‍රසංග මාලාවක් ලෙස පැවැත්වීමට සංවිධානය කර ඇති මෙහි Sri Lankan Night, Nepal සහ Philippines Night, ජේදා හි Equestrian Club හිදී අද සවස 5ට එරට වේලාවෙන් ආරම්භ වීමට නියමිතය.
ප්‍රසංගය සඳහා දක්ෂ ගායික ගායිකාවන් වන අමන්දා පෙරේරා, ෂාෂා පෙරේරා, ඉෂාර අකලංක එක්වන අතර, කවිඳු මදුෂාන් ප්‍රමුඛ Namasthe Creations නර්තනයන් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.





















































