රාජිත ජනපතිට සහාය පළ කරයි
August 13, 2024 04:59 pm
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව පවසයි.
ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.
වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව දැනුම්දී ඇත.