ජගත් ප්‍රියංකරගේ සහාය රනිල්ට

ජගත් ප්‍රියංකරගේ සහාය රනිල්ට

August 13, 2024   01:29 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කරන බව ඔහු පවසා ඇත.

විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස ප්‍රියංකර මහතා කටයුතු කරයි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගේ මරණින් පසු හිස්වූ පාර්ලිමේන්තු  අසුන සඳහා ඔහු 2024 පෙබරවාරි 08 වනදා දිවුරුම් දුන්නේය.