'ADK' live In Concert rap indie ප්‍රසංගයට සියල්ල සූදානම්

'ADK' live In Concert rap indie ප්‍රසංගයට සියල්ල සූදානම්

August 1, 2024   09:54 pm

'ADK' live In Concert rap indie ප්‍රසංගය වෙනුවෙන් ඊට සහභාගී වීමට  ADK ඇතුළු සංගීත ශිල්පීන් අද (01) පෙරවරුවේ ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ තිබුණි.

මට්ටක්කුලියේ උපත ලබා සංගීත ක‍්ෂේත්‍රයට පිවිස ජාත්‍යන්තරය ජයගත් සංගීතඥ ආරියන් දිනේෂ් කනගරත්නම් නොහොත් ADK මේ වනවිට මෙරට මෙන්ම ඉන්දියාවේද ජනප්‍රියත්වයට පත්වී සිටී.

ඒ දකුණු ඉන්දියානු සිනමා නිර්මාණ රැසකට දායකවෙමිනි.

ADK ගයන ROAR ගීතයට 2023 දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ්ස් හිදී හොඳම හිපොප් වීඩීයෝවට හිමි සම්මානය හිමිවූ අතර සම්මාන උළෙලේ වැඩිම සම්මාන සංඛ්‍යාවක්ද හිමිවූයේ ඔහුටය.

මේ ජනප්‍රිය සංගීතඥයා එක්වන ADK ' live In Concert rap indie ප්‍රසංගය එළඹෙන අගෝස්තු 4 වනදා පස්වරු 6 ට කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඊට මැලේසියාවේ ශ්‍රී රාස්කෝල්, ඉන්දියාවේ ජැක්ස් ස්ටයිල්ස් සහ ක්‍රිෂ් මනෝජ්, රැප් සිලෝන් ඇතුළු පිරිසක්ද එක්වීමට නියමිතය.