කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් මල්ලක්

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් මල්ලක්

July 28, 2024   07:03 pm

සිය මංගල ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ බව තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයේදී නිවේදනය කළේය.

අද ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.