ඊශ්‍රායලය බිය වෙයි

ඊශ්‍රායලය බිය වෙයි

July 19, 2024   04:36 pm

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගර මධ්‍යයට අද උදෑසන එල්ල වූ දිගුදුර ඩ්‍රෝන ප්‍රහාරයකින් එම නගර වැසියන් භීතියට පත්වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

එම ප්‍රහාරය ඉරානයේ සහාය ලබන හූති කැරළිකරුවන් විසින් එල්ල කරන්නට ඇතැයි සැලකෙයි.    

එම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙක් සුළු තුවාල ලැබූ බව වාර්තා විය.

එම ප්‍රහාරය එල්ලකර ඇත්තේ, දකුණු ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයකින් ප්‍රධාන පෙළේ හිස්බුල්ලා ගරිල්ලා නායකයෙක් ඝාතනය කළ බවට ඊශ්‍රායලය විසින් නිවේදනය කර පැය කිහිපයකට පසුව බව සඳහන් විය.