ඔබත් අවදානමේ - ගෙදර දීම රෝග ලක්ෂණ හඳුනාගන්න

ඔබත් අවදානමේ - ගෙදර දීම රෝග ලක්ෂණ හඳුනාගන්න

July 18, 2024   10:29 am

ලෝක මස්තිෂ්ක දිනය මෙම මස 22 වැනිදාට යෙදී තිබේ. 

ආඝාතය වළක්වා ගැනීම මෙවර එහි තේමාව වී ඇති අතර මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ පැවැත්වුණි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා සඳහන් කළේ, ගෙදරදීම මෙම රෝගී තත්ත්වය හඳුනාගැනීම ඉතා වැදගත් බවය.

ඒ අනුව නිරීක්ෂණය කර බලා හැකි ඉක්මනින් රෝහල්ගත වෙන ලෙස ද වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

"අපේ සමාජයේ සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම ආඝාතය තමන්ගේ ජීවිත කාලය තුළ වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ආඝාතය කියන්නේ එක් පැත්තකින් ජීවිත නැති කරවන අසනීපයක්. ලංකාවේ ආගාධ රෝගී තත්ත්වය 90%කගේ දක්නට ලැබෙනවා එය වළක්වා ගත හැකිව තිබූ කාරණා 10ක්. මේ අතර, රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රරෝල් වැඩිවීම, ස්ථූලතාවය හා දුම්පානය ආදී කරුණු සැලකිල්ලට ගත යුතුයි. 

දැන් ඖෂධයක් තියෙනවා ඒ රුධිර කැටිය දිය කළ හැකි. ඒ නිසා ආඝාතය ගෙදරී හඳුනාගෙන ළඟම තියෙන රෝහලට පැමිණෙන්න. ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. කට පැත්තට යෑම, අත හෝ කකුලක් පණ නැති වීම, භාෂාව හැසිරවීමේ ප්‍රශ්නයක් ඇති වීම. ඊට අමතරව තමන්ගේ ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්. ඒ වගේම සමතුලිතතාවයන් නැති වෙන්න පුළුවන්. මේ සියලු දේ සිදුවන්නේ, ක්ෂණිකව. කිසිදු දැනුම්දීමක් නෑ. එසේ වුවහොත් ඒ සිදුවන වේලාව සටහන් කරගැනීමත් වැදගත්. ආඝාතයේ තිබෙන දුබලතාවය අවම කරගැනීමට අපිට ඊළඟට තියෙන අවි ආයුධය තමා පුනරුත්තාපනය. ඒ කියන්නේ භෞතික චිකිත්සක ක්‍රම, වෘත්තීය චිකිත්සක ක්‍රම, කථන චිකිත්සක ආදි වශයෙන් රෝගීයාගේ දුබලතාවය අනුව නොයෙක් චිකිත්සක යොදා ගන්නවා. මේක විද්‍යාත්මකව කරන්නේ."