ගුරු සහ විදුහල්පතිවරුන් යළිත් සටනට
July 16, 2024 08:13 pm
එළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
ඒ අනුව පාසල්වලින් බැහැරව සිදුකරන සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත්වීමට එම සන්ධානය තීරණය කර ඇත.
අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව පැවසීය.