තවත් රැඳවියෙක් මොළේ උණ වැළඳී මරුට
July 15, 2024 12:02 pm
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොළේ උණ වැළදීමෙන් මියගොස් තිබේ.
අදාළ රැඳවියා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා දිනයේ මියගොස් ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේය.
මේ වන විට තවත් රැඳවියන් තිදෙනෙකුට මොළේ උණ වැළඳී ඇති අතර ඔවුන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.