85 හැවිරිදි ෆුජිමෝරි ජනාධිපතිවරණයට

85 හැවිරිදි ෆුජිමෝරි ජනාධිපතිවරණයට

July 15, 2024   10:20 am

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි 2026 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බව වාර්තා වෙයි.

ඒ බව ඔහුගේ දියණිය වන කීකෝ ෆුජිමෝරි සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.  

ඔහු ගේ පෙර පාලන සමයේ සිදුවූ ඝාතන සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් 85 හැවිරිදි ෆුජිමෝරි වසර 25ක් සිරගතව සිට පසුගිය වසරේ නිදහස ලැබීය.

ඔහු විවිධ රෝගවලින් ද පීඩා විඳින්නෙකි.