ඡන්දෙට බැස්ස එජාපය

ඡන්දෙට බැස්ස එජාපය

July 10, 2024   09:32 pm

රටේ ඇතිවූ ආර්ථික අර්බුදය කළමනාකරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති ලෙස පත් කළ යුුතු බව ව්‍යාපාරික හා කැස්බෑව එක්සත් ජාතික පක්ෂ සංවිධායක රනිල් විල්ලද්දරගේ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව තුම්බෝවිල සිය මැතිවරණ කාර්යාලය ඊයේ (09) දින විවෘත කිරීමේ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් විල්ලද්දරගේ මහතා,

"රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අවස්ථාව මා වෙත ලබාදීම ගැන මම අවංකවම සතුටු වෙනවා.  මගේ පළමු අරමුණ රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීමයි."