header logo
SLIC
උණුසුම් පුවත්
තරුෂි ගේ ඔලිම්පික් සිහිනයට අකුල් හෙළන නිලධාරීන්
Jun 28, 202407:52 PM
තරුෂි ගේ ඔලිම්පික් සිහිනයට අකුල් හෙළන නිලධාරීන්
Mobitel 1278

ලොව සෑම රටක්ම ඔලිම්පික් උලෙළට සහභාගි වීම සඳහා එම රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් සපයා දී, ඔවුන්ව දිරිගන්වන පසුබිමක, මෙරට ක්‍රීඩා බලධාරීන් සිදුකරන්නේ ඔලිම්පික් කඩඉම පෙනෙන මානයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමේ මං අහුරමින් ඔවුන්ට අකුල් හෙළීමයි.

මේ පුවත ඔලිම්පික් කඩඉම පෙනෙන මානයේ සිටින ශ්‍රී ලංකාවේ කැපීපෙනෙනම මලල ක්‍රීඩිකාව වන 19 හැවිරිදි තරුෂි කරුණාරත්නට මෙරට මලල ක්‍රීඩා බලධාරීන් සිදුකළ අසාධාරණයක් පිළිබඳව ය.

එළැඹෙන ජූලි මාසයේ ආරම්භවීමට නියමිත පැරිස් ඔලිම්පික් උලෙළ ට සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය පරිසාධන මට්ටම සපුරාගැනීමේ අරමුණ සහිතව මෙරට මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඊයේ (27) දියගමදී අවසන් වූ 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි විය.

ඔලිම්පික් කඩඉම ආසන්නයේ සිටින කාන්තා මීටර 800 ඉසව්වේ ආසියානු රන් පදක්කම් ලාභිනිය වන තරුෂි කරුණාරත්න ද ඒ අතර සිටියාය.

පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ලොව පුරා ක්‍රීඩිකාවන් 48 දෙනෙක් සුදුසුකම් ලැබීමට නියමිත අතර තරුෂි කරුණාරත්න ඊයේ වනවිට ROAD TO PARIS ශ්‍රේණිගත කිරීම්වල 49වැනි ස්ථානයේ පසුවූවාය.

ඒ අනුව ඊයේ පැවති ඉසව්ව තරුෂිට ඉතා තීරණාත්මක ඉසව්වක් විය.

තරුෂිගේ මීටර 800 ඉසව්වේ අවසන් තරගය ඊයේ උදෑසන 7.50ට ආරම්භ වීමට නියමිතව තිබුණත්, අළුයම සිට ඇදහැලුණු වර්ෂාවෙන් ධාවනය පථයේ ජලය රැඳී තිබුණි.

එහිදි තරුෂිගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා මලල ක්‍රීඩා බලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ, ඉසව්ව ආරම්භ කිරීම පමාකරන ලෙසය.

වර්ෂාව ඇදහැලෙන අවස්ථාවේ ධාවනය යෙදීම අපහසු නිසාත්, මීටර 800 ධාවන ඉසව්වේ වැදගත්ම මංතීරුව වන පළමු මංතීරුවේ ජලය රැඳී තිබීමත් මත පුහුණුකරු එම ඉල්ලීම සිදුකර ඇත.

ඒ අනුව බලධාරීන් පුහුණුකරුට පවසා ඇත්තේ, වර්ෂාව නොමැති අවස්ථාවක තරගය පවත්වන බවත් පළමු මංතීරුවේ රැඳී තිබෙන ජලය ද ඉවත් කරන බවත්ය.

එලෙස පොරාන්දු වුවත් බලධාරීන් සිදුකර තිබුණේ, වර්ෂාව මධ්‍යයේම තරුෂිගේ ඉසව්ව ආරම්භ කිරීමය.

එමෙන්ම පළමු මංතීරුවේ රැඳී තිබූ ජලය ඉවත් කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබුණේ නැත.

ධාවනයට කිසිසේත්ම නුසුදුසු පරිසරයකදී මීටර 800 ඉසව්වට සහභාගි වූ තරුෂිට එය නිමකිරීම සඳහා ගතවූ කාලය මිනිත්තු 2යි තත්පර 4යි දශම 2යි 2කි.

නමුත්, තරුෂිගේ පුහුණුකරු සඳහන් කළේ මිනිත්තු 2යි තත්පර 3ක කාලයකින් තරුෂි ඉසව්ව නිම කිරිමට සැලසුම් කර තිබූ බවත්, සැලසුම් කළ කාලය වාර්තා කළේ නම් ශ්‍රේණිගත කිරීම්වල 39වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින් පැරිස් ඔලිම්පික් උලෙළ ට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව සුරක්ෂිත කරගැනීමට තිබූ බවය.

නමුත් ඊයේ වාර්තා කළ කාලයත් සමග හිමිවූ ප්‍රසාද ලකුණු ප්‍රමාණයෙන් තරුෂිට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිවූයේ 42වැනි ස්ථානය දක්වා පමණී.

ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමේ කාලය මේ මස 30වනදා අවසන්වන බැවින් තවත් රටවල් රැසක ජාතික තරගාවලි ඉදිරි දින දෙක තුළ පැවැත්වීමට නියමිතව ඇත.

එම තරගාවලි වලදී තවත් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණියහොත් තරුෂිගේ පැරිස් ඔලිම්පික් සිහිනය බොඳව යනු ඇති.

මෙරට මලල ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ ඔලිම්පික් බලාපොරොත්තු බිඳ දැමීමට උත්සාහ දැරූ පළමු අවස්ථාව මෙය නොවේ.

ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට අපොහොසත් මෙරට බලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකගේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් කළ ඉතා සුළු ඉල්ලීමත් නොසලකා හරින්නේ ඇය ? ඔලිම්පික් උලෙළට සහභාගි වනු දැකීමට ඇති අකමැත්ත නිසා ද?

තනතුරුවලින් හිස් උදුම්මවාගත් බලධාරීන් සිදුකරන මෙවැනි ජාතික අපරාධ පිළිබඳ ක්‍රිඩා අමාත්‍යවරයා අවශ්‍ය පියවර නොගතහොත්, අනාගතයේදීත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ඉලක්ක කරා යාම සිහිනයක්ම වනු ඇත.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguzqj5BqrY7_52cni4W8l7jYSPV_PiBTIrGL5lTShyAlIP55jBqpy3bjBiMR2lZ6KokDGXjNy_4eKC0T_gcMWP_oUqoe7ir3b31wxxWOSSnI6wZirCag1T6SsO3VrEsveTvU1_ftq5MsdzhwkvfedhMEoTcfmavGphgD2V9V3usxbrzzLuxwBjdJq1TLX0/s1600/1.jpg

https://youtu.be/15-LjD5D17E
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්