සචිත්‍ර සේනානායකගේ නිවසට හොරු පනී

සචිත්‍ර සේනානායකගේ නිවසට හොරු පනී

June 24, 2024   05:42 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කලල්ගොඩ පිහිටි නිවස හොරු බිඳ තිබේ.

සචිත්‍ර සේනානායක පැවසුවේ පසුගිය 21 වනදා රාත්‍රියේ තම නිවස හොරු බිඳ ඇති බවය.

එම අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් සිට නොමැති අතර නිවසේ දොරවල් දෙකක් ද කඩා ඇති අතර ජනේලයක් බිඳ නිවසට ඇතුළු වී තිබෙන බව ඔහු පවසයි.

නිවසේ තිබුණු මුදල්, අත්ඔරලෝසු, පළඳනා, පරිගණයක්, ටැබ් දෙකක් ඇතුළු භාණ්ඩ සොරා ගෙන ඇති බවට ද සචිත්‍ර සේනානායක සඳහන් කරයි.

එමෙන්ම සීසීටිවී කැමරා සම්බන්ධ කර තිබූ DVR  යන්ත්‍රයද ගලවාගෙන ගොස් ඇති බව පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන කටයුතු සිදුකරයි.