වේගයෙන් ආ බසය ගසක හැපෙයි

වේගයෙන් ආ බසය ගසක හැපෙයි

June 23, 2024   08:54 am

පැලවත්ත - නෙළුව මාර්ගයේ යට්ටපාත ප්‍රදේශයේදී මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් බෝක්කුවක් සහිත ස්ථානයකින් මාර්ගයේ ඉවතට පැන අසල ඇති  විශාල ගසක ගැටීමෙන් සිදුවූ අනතුරක් සිදුව ඇත.

ඊයේ (22) එම අනතුර සිදුවූ බව අප වාර්තාකරු පැවසීය.

අනතුර හේතුවෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර බස්රථයේ ගමන්ගත් පුද්ගලයින් 12දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා විය.