දකුණු අප්‍රිකාවට ජය

දකුණු අප්‍රිකාවට ජය

June 21, 2024   11:34 pm

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් 08 වටයේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (21) පැවැත්වුණි.

එම තරගය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

එංගලන්ත නායක ජොස් බට්ලර් ගේ ආරාධනය අනූව පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කළේය.

ක්වින්ටන් ඩි කොක් පන්දු 38කදී ලකුණු 65යි.

ඊට හතරේ පහර  4ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

පන්දු යැවීමේදී ජොෆ්‍රා ආචර් ලකුණු 40කට කඩුලු 3යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 156යි.

ඒ අනූව මෙම තරගය ලකුණු 7කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.