බස් - බයික් අනතුරෙන් තරුණයෙක් මරුට
June 18, 2024 05:44 pm
බණ්ඩාරවෙල - බදුල්ල මාර්ගයේ දික්අරාව වංගුවේදි බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කළ පුද්ගලික බස් රථයකට යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුවිය.
අප වාර්තාකරු පැවසුවේ බණ්ඩාරවෙල සිට වැල්ලවායට දෙසට ගමන් ගත් යතුරුපැදිය ලිස්සා ගොස් පැදිකරුගේ හිස බස් රථයේ පසුපස රෝදයට සිරවී ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
එම අවස්ථාවේ එම ප්‍රදේශයේ මඳ වර්ෂාවක් තිබූ බව වාර්තා විය.
මියගිය තරුණයා අවුරුදු 19ක වැල්ලවාය ප්‍රදේශයේ අයෙක් බව හඳුනාගෙන තිබේ.