ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක්

ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක්

June 14, 2024   03:50 pm

රථවාහන රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු. 6,000ක් දක්වා ඉහළ දමා තිබේ.

ඊට අදාළව පොලිස්පතිවරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිත ය.

මෙතෙක් ස්ථානාධිපති/රථවාහන ධුරය දැරූ නිලධාරියෙක් ට ගෙවූ මාසික දීමනාව වූ රුපියල් 2,500, රුපියල් 7,000ක් දක්වා වැඩිකර ඇති බවද වාර්තා විය.