ජනපති බයිඩන් ගල්වෙයි - කමලා හැරිස් ගෙන් සුපිරි නැටුමක්

ජනපති බයිඩන් ගල්වෙයි - කමලා හැරිස් ගෙන් සුපිරි නැටුමක්

June 11, 2024   12:33 pm

ධවල මන්දිරයේ පැවති උත්සවයක් අතරතුරදී ජනාධිපති ජෝ බයිඩන් විනාඩියකට ආසන්න කාලයක් නොසෙල්වී (ගල්වූවා) සිටීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය යේ විවිධ දේ කියවෙයි.

මෙම උත්සවය ඊයේ (10) රාත්‍රියේ පැවැත්වුණු අතර ජනප්‍රිය පුද්ගලයින් විශාල පිරිසක් ඊට එක්වී සිටි බව වාර්තා විය.

එසේම 81 හැවිරිදි ජනපතිවරයා සිය කථාව පවත්වන විට ගොත ගැසූ බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය වාර්තා සඳහන් කළේ ප්‍රකට සංගීත කණ්ඩායමක් සිය දක්ෂතා දක්වන විට රැස්වී සිටි පිරිස නටමින් විනෝද වූ බවත් එහෙත් ජනපතිවරයා ගල්වූවාක් මෙන් සිටි බවත් ය.

එම අවස්ථාවට එක්ව සිටි පිලොනීස් ෆ්ලොයිඩ් (ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ සහෝදරයා) ජනපතිවරයා ගේ වෙනස හඳුනාගෙන ජනපතිවරයා ව පියවි තත්ත්වයට ගන්නා අයුරු දක්නට ලැබුණි.

මේ අතර උප ජනාධිපතිනි කමලා හැරිස් ප්‍රකට ගායක කර්ක් ෆ්‍රැන්ක්ලින් සමග සිදුකළ නර්ථනය කාගේත් කතාබහට ලක්වූ මාතෘකාවක් විය.