සුබ පැතුම්...
June 10, 2024 12:06 pm
තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්ම මහත්මිය ඉදිරියේ ඊයේ (09) රාෂ්ට්‍රපති භවන්හි දී දිවුරුම් දෙනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අසල්වැසි රාජ්‍ය නායකයෝ මෙන්ම විශේෂ ආරාධිතයෝ ද ඊට සහභාගී වූහ.
ඉහත දැක්වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වූ අවස්ථාවේ ගත් ඡායාරූපයකි.
එහිදී දෙරට අතර බැඳීම් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට නායක දෙපළ මෙහිදී එකඟතාවය පළකළ බව වාර්තා වේ.