හෙට පාසල් විවෘත කිරීම ගැන අලුත් තීරණයක්
June 5, 2024 05:07 pm
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (06) සිට යළි විවෘත කරන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.
එසේම තවදුරටත් ගංවතුර බලපෑම එල්ලවී ඇති පාසල් සහ අවතැන් මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.