කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
May 30, 2024 04:31 pm
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳව අනතුරු ඇගවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අරාබි මුහුද සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.
පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලත් නිරිතදිග සහ ගිනිකොණදිග ආරබි මුහුදු ප්‍රදේශවලත් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් තවදුරටත් ඉතා තද සුළං (පැ.කි.මී . 60-70) , සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව වැඩිදුරටත් දැනුම්දී තිබේ.