යතුරුපැදියෙන් රෝහල තුළටම ඇවිත් සේවකයෙක් ට පහරදෙයි

යතුරුපැදියෙන් රෝහල තුළටම ඇවිත් සේවකයෙක් ට පහරදෙයි

May 28, 2024   05:00 pm

තුවාල ලැබූ පුද්ගලයෙක් රැගෙන ආ යතුරුපැදිකරුවෙක් යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් බාරගන්නා ගොඩනැගිල්ල තුළට ම එම රෝගියා සමග යතුරුපැදියෙන් යෑම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

මෙම සිද්ධිය පසුගිය 26 වනදා වාර්තා වී ඇති අතර එහි CCTV වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

ලේ පෙරාගෙන පැමිණි තුවාලකරු යතුරුපැදියෙන් බැස ගිය පසු යතුරුපැදිකරු සහ රෝහල් සේවකයෙක් අතර ආරවුලක් ඇතිවිය.

ඒ ගොඩනැගිල්ල තුළටම යතුරුපැදිය ධාවනය කිරීම ගැන රෝහල් සේවකයා විරෝධය දැක්වීම හේතුවෙනි.

පසුව එම යතුරුපැදිකරු සිය යතුරුපැදිය නවතා එම රෝහල් සේවකයාට එම ස්ථානයේ තිබූ ප්‍රින්ටර් එකකින් පහර දී තිබුණි.

ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම යතුරුපැදිකරුවාව අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.