මහ පාරේ බයික් රේස් ගිය 14ක් අත්අඩංගුවට

මහ පාරේ බයික් රේස් ගිය 14ක් අත්අඩංගුවට

May 12, 2024   08:34 pm

මහරගම ටැංගෝ බෝඩ් හන්දියේ සිට පන්නිපිටිය දෙසට අපරීක්ෂාකාරී ලෙස අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ තරුණයන් 14 දෙනෙකු මහරගම පොලීසිය විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙය ධාවන තරගයක් බවත් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කර තිබූ යෙදවුමක් හරහා මොවුන් ඊට සම්බන්ධ වූ බවත් හෙළිවී ඇත.

තරගයේ ජයග්‍රාහකයාට, ලබාදෙන ත්‍යාග මුදලට අමතරව රූමත් තරුණියකගේ වෙස් ගත් තරුණයෙක් ලබාදීමටත් සූදානම් කර තිබූ බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් තරුණයන් 14 දෙනා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 15 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

තරගයට යොදාගත් යතුරුපැදි 21 ද පොලිස් භාරයට ගෙන තිබේ.