අහුංගල්ලේ වෙඩි තැබීමක්
May 10, 2024 08:39 pm
9.45pm -
වෙඩිවැදීමෙන් බලපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මියගිය ගොස් තිබේ.
අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩිතැබීමෙන් 54 හැවිරිදි අයෙක් තුවාල ලබා බරපතළ තත්ත්වයෙන් මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මිදුලේ දී තුවාලකරු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, උණ්ඩ කිහිපයක් ඔහුගේ උදරයට එල්ල වී ඇතැයි පොලීසිය පැවසීය.
