අර්ජුන රණතුංග සජබයට ගියේ නැහැලු

අර්ජුන රණතුංග සජබයට ගියේ නැහැලු

May 3, 2024   08:37 am

තමා සමගි ජන බලවේගයට එක්වූ බවට පළ වන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

තලවකැලේ ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබු මැයි දින රැලියට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද පසුගියදා එක්වී තිබුණි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ ආරාධනයකට අනුව තමා මෙම රැලියට සහභාගී වූ අතර එය සමගි ජන බලවේගයට එක්වීමක් නොවන බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.